එහෙත් දරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් හේතුවෙන් නීති අධ්‍යන කමිටුවේ සභපති වන අග්‍රවිනිෂ්චකාරවරයා සමග නැවතත් සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
නීති විද්‍යාලයේ දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිසා ගම්වලින් එන දරුවන් අපහසුතාවයට පත් වන බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාවේ අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පැවසුවේ;
මෙයින් අපි උත්සාහ කළේ ගම් වලින් එන දරුවන් නීති විද්‍යාලය ඇතුළේ සිටියදී ඉංග්‍රීිසි ඉගෙන ගෙන ඉංග්‍රීසි කතා කළ හැකි නීතික්ඥයින් බිහි කිරීමට බවයි.
ගම් වලින් සිංහලින් ඉගෙන ගෙන එන දරුවන් මව් භාෂාවෙන් පමණක් ඉගෙනීම නිසා ස්ථර දෙකක නීතික්ඥයින් බිහිවන බවද අමාත්‍යවරයා පැවසීය.
''මේ නිසා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නීතික්ඥයින් වගේම ඉංග්‍රීසි කතා කරන්න බැරි නීතික්ඥයින් බිහි වෙනවා. සමහර අයට අවශ්‍යයි බමුණු කුලයට පමණක් ඉංග්‍රී සීමා කරගෙන ඉන්න. මේක අන්තිම වැරදියි. අපේ ළමයි අපි ඇමරිකාවට යවනවා. මේ ළමයිව සිංහල උගන්වල එළියට දානවා. මේ ළමයින්ට අවස්ථාව දෙන්න. මේ ළමයි අමාරුවෙන් හරි ඉගෙන ගනියි. ඉන්දියාවත් ඉංග්‍රීසියෙන් පමණක් ඉගෙන ගෙන ජාත්‍යන්තරය තරණය කර තිබෙනවා. මේ සියළු තීරණ ගත්තේ නීති අධ්‍යාපන කොමිසම. මේ දරුවන් මාව ඇවිත් හමු වුණාත ඔවුන් ඉල්ලා සිටියේ අපිට වූ අසාධාරණය අපේ නංගිලා මල්ලිලාට වෙන්න දෙන්න එපා'' කියලා යැයි පැවසිය.