ආරක්ෂක ලේකම්වරයා සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි චුන්ග් මැතිණිය ඉතා උණුසුම් ලෙස පිළිගත්තේ ය.
ජෙනරාල් ගුණරත්න විසින් ඩොනල්ඩ් ලූ මහතාගේ ප්‍රථම ආරක්‍ෂක අමාත්‍යාංශ සංචාරයේ අවස්ථාව සනිටුහන් කිරීමට ඔහු වෙත සමරු තිළිණයක් ද පිරිනැමීය.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික) සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.