කෙතරම් දුෂ්කර වුවද රජය මෙම කටයුතු සිදු කරමින් නිසි යාන්ත්‍රණයක් මගින් පොරොන්දු ඉටු කරමින් සිටින බවද විදේශ අමාත්‍යවරයා පැවසිය.
පසුගියදා අවසන් වූ මානව හිමිකම් සමුළුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය මානව හිමිකම් සමුළුවේ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා කටයුතු කර ඇති බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය. මානව හිමිකම් සමුළුව පැවති කාලසීමාව තුළදී, තමා මානව හිමිකම් පිළිබඳ වැඩබලන කොමසාරිස් වරිය සමග සාකච්ඡා කළ බවත් බාහිර වශයෙන් සාකෂි කැඳවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් එහිදී විරෝධය පළ කළ බවද අමාත්‍යවරයා කීය.
මෙවර මානව හිමිකම් සමුළුවේදී රටවල් 7ක් ශ්‍රී ලංකාවට පක්ෂව සහ තවත් රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී තිබේ. පසුගිය වතාවේ අපට ඡන්දය ලබා දුන් රටවල් මෙවර අපට ඡන්දය දැමීමෙන් වැළකී සිටියහ.
''සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් රටවල් 38ක් අපේ රටට සහයෝගය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට ලක් වී සිටින අවස්ථාවක ගෝලීය වශයෙන් ඔවුන් ට සහය දිය යුතු බවයි බොහෝ රටවල් වල අදහස. අපේ රටට පක්ෂව ඡන්දය ලබා දුන් රටවලට ස්තුතිය පළ කරනවා.''
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය කැප වී සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය. සියළුම අභියෝගයන්ට මුහුණ දීමට සහ ඒවා සාර්ථක අන්දමින් කළමණාකරනය කරීමට ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබී ඇති බවත් අමාත්‍යවරයා කීය. රටට දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ගෙන් ඒම අවශ්‍ය බවත් සංහිඳියාව සම්බන්ධයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.