පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය
ඒ අනුව බඳවා ගැනීමේ තරඟ විභාගයක් මඟින් පිරිසට ගුරු වෘත්තියට පිවිසීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පවතින ගුරු හිඟය සඳහා විසඳුමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
තවද පන්ති සාමාර්ථය තිබෙන විශ්ව විද්‍යාල සිසුන්ද , ඒ ඒ විශ්වවිද්‍යාලවල පීඨවලට බඳවා ගැනීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. එක් එක් විශ්ව විද්‍යාලවල පීඨාධිපතිවරු සහ ආචාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සංඛ්‍යාව හඳුනාගෙන ඇති බවත් එම පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.