පසුගිය වසර කිහිපයක ගිණුම් සහ වාර්ෂික වාර්තා බොහෝ රාජ්‍ය ආයතන ඉදිරිපත් කර නොමැති බව බව කී අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම පාර්ලිමේන්තුව සතු බවත් බොහෝ රාජ්‍ය ආයතන තම යුතුකම් කොටස නිවැරදිව ඉටු කර නොමැති බවද ප්‍රකාශ කළේය.
සෑම අමාත්‍යාංශයකම ලේකම්වරයා ප්‍රධාන ගිණුම් නිලධාරියා වන බවත් එම ආයතවල ආයතන ප්‍රධානින් කැඳවා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දිය යුතු බවත් එවිට මෙම පාර්ලිමේන්තුවේ කටයුතු වලට ගෞරවයක් ලැබෙනු ඇතයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.