අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය. විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ,මෙය ඓතිහාසික අවස්ථාවක් බවය.
විවාදයට පෙර අඳහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, තමන් ඉදිරිපත් කළ කොන්දේසි යටතේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය දීමට සූදානම් බවය.