වෙන් කර ඇති මුදල ඉතා ඵලදායී ලෙස යොදා ගැනීම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික යෞවුන් සේනාංකය මේ වන විට වැඩසටහන් රැසක් ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ.
රටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රැකියා ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකයක ක්‍රියාවලියක් සදහා ගමන් කිරීමට අවශ්‍ය මග විවර කර ගැනීම උදෙසා මෙම වැඩසටහන්
ක්‍රියාත්මක වේ. වෘත්තීය හා ජීවන කුසළතා සමගින් මනා විනයක්, නායකත්වයක්, පෞර්ෂයෙන් හෙබි තරුණ කණ්ඩායමක් නිර්මාණය කර ඔවුන් රටේ සංවර්ධනයට මහගු දායකත්වය ලබා දෙන කොටසක් බවට පත් කිරීම අමාත්‍යවරයාගේ අරමුණයි.
එම අරමුණ වෙනුවෙන් මේ වන විටත් තරුණ පුහුණුලාභීන් 3575 ක් දිවයින පුරා මධ්‍යස්ථාන රැසක පුහුණුවීම් කටයුතුවල නිරතව සිටී. රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන සමඟ සාකච්ඡා කර ඒ ඒ පාඨමාලාවන්ට අදාළව ගිවිසුම්ගතව විවිධ පාඨමාලා රැසක් මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.
බරවාහන හා යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට අදාළව RSM බරවාහන යන්ත්‍රෝපකරණ පුහුණු ආයතනය සමඟ ගිව්සුම්ගතව බැකෝ ලෝඩර් (Backhoe Loader) හා එක්ස්කැවේටර් ඔපරේටර් (Excavator Operator) යන පාඨමාලා ගාල්ල හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරමින් පවතී. හෝටල් හා සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය මූලික කොටගෙන දඹුල්ල ජාතික
යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ House Keeping, Front Office, Food & Beverage, Pastry & Bakery, International Cookery යන පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වන අතර එම පාඨමාලවන් සඳහා වෘත්තීය නිපුණතා සහතිකය (NVQ) ද පිරිනැමේ.
වයඹ කාර්මික විදුහල සමඟ ගිවිසුම්ගතව Steward යන පාඨමාලාව ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා ද වෘත්තීය නිපුණතා සහතිකය (NVQ) ද පිරිනැමේ. Cisco Networking Academy - Sri Lanka සමඟ එක්ව Fundamentals of Cyber Security සහ CISCO Certified Network Associate (CCNA) යන පාඨමාලා සිදුකරනු ලබන අතර එමඟින් හෙට ලොවට ගැළපෙන තාක්ෂණික දැනුමින් සමන්විත තරුණ ප්‍රජාවක් රටට දායාද කිරීමට හැකියාව ලැබේ.
Cisco Networking Academy - Sri Lanka සමඟ එක්ව Fundamentals of Cyber Securityy සහ CISCO Certified Network Associate (CCNA) යන පාඨමාලා සිදුකරනු ලබන අතර එමඟින් හෙට ලොවට ගැළපෙන තාක්ෂණික දැනුමින් සමන්විත තරුණ ප්‍රජාවක් රටට දායාද කිරීමට හැකියාව ලැබේ.
විදෙස් රැකියාභිමුඛව සාත්තු සේවක (Caregiver) පාඨමාලාව ක්‍රියාත්මක වන අතර එය ලංකා හොස්පිට්ල්ස් සමඟ ගිවිසුම්ගතව සිදුකරයි. Marine Welder Fitter, Certificate in Welding Technology (4G), Lathe Machine Operation, Aluminum Fabricating Technician යන පාඨමාලා CINEC විශ්වවිද්‍යාලය සමඟ ගිව්සුම්ගතව සිදුකරන අතර එය මාලඹේ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
වයඹ කාර්මික විදුහල සමඟ ගිව්සුම්ගතව Barrister (Coffee Maker) සහ යන Facility Management Assistant පාඨමාලා ද හැදෑරීමේ අවස්ථාව ජාතික යොවුන් සේනාංකය, රටේ තරුණ ප්‍රජාව වෙත ලබා දී තිබේ.
ඉහත වෘත්තීය පාඨමාලා මඟින් රටේ තරුණ ප්‍රජාව වෘත්තීය නිපුණතාවයෙන් සවිබල ගැන්වීමට හැකිවන අතර ඒ සඳහා අතුරු අයවැය මඟින් ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවීම වත්මන් ආර්ථික අර්බුදයෙන් මිඳී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා එසවීමට ඇති වටිනා අවස්ථාවකි.
ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය - මාධ්‍ය ඒකකය