විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
''අද මේ රටේ බහුතර ජනතාව ,මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කළ යුතුයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකිය යුතුයි. කතානායකවරයාගේ සිට කුඩාම රාජ්‍ය නිලධාරියා දක්වා මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇතැ''යි පෙන්වාදුනේය.
''ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන විට ඒවායේ තිබෙන අඩු පාඩු රටකට විශාල වශයෙන් බලපායි. මේ රටේ වසර 30ක යුද්ධයක් පැවුතුණා. ජාතින් අතර අසමගිය ඇති වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන විට ගත් යම් යම් අනුවණ තීරණ මීට බලපෑවා. අපේ රටේ නීතියේ ආදිපත්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා තමයි ජනතාව වරින් වර පාරට බැස්සේ. වරින් වර අරගල ඇති වූයේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදපු පුද්ගලයෝ සහ ඒවා සම්මත කළ මහජන නියෝජිතයෝ මීට වගකිව යුතුයි.
2000 වසරෙදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් පනත් සම්මත කළත් එය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවමින් 18 වන සංශෝධනය ගෙනාවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් මේ රටේ රාජ්‍ය සේවය අපක්ෂපාතිව සහ ඵළදායීව පවත්වාගෙන යාමට, කොමිෂන් සභා ආරක්ෂා කිරීමට , රාජ්‍ය සේවය සඳහා ප්‍රසම්පාදන සහ විගගණයය සඳහා කොමිෂන් සභා දෙකක් හඳුන්වා දුන්නා. අනතුරුව 20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. එදා අපි කිව්වා 20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා කියලා. නමුත් ඊට ඇහුම් කන් දුන්නේ නැහැ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට ආරාධනා කළා 20වන සංශෝධනයෙන් වු වැරැද්ද නිවැරදි කළ යුතු බව. ඒ වගේම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට ආරාධනා කළා ,මෙම සංශෝධනයන් ගෙන එන්න. ඒ අනුව මෙම 22වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කළා. සෑම දේශපාලන පක්ෂයකම කැමැත්ත ඇතිව මෙම සංශෝධනයන් සිදු කළේ. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ නව සංස්කෘතියක් සකස් කළ හැකි වනු ඇත. මෙරට ජනතාවගේ පැතුම් මල් ඵල ගැන්වීමට මින් අවස්ථාව ලැබෙනු ඇතැයිද කීය.
ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආයතන නිර්මාණය කළ යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
මෙහි මූලිකම සංශෝධනය තමයි විධායක ජනාධිපතිවරයාගේ යම් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හිමි වීම. අධිකරණය සහ රාජ්‍ය සේවය ස්වාධින කරනවා. කථානායක, අගමැති විපක්ෂ නායක ඇතුළු පිරිසකගෙන් යුතු විධායක සභාවක් ඇති කරනවා. සහභාගිත්ව දේශපාලනයක් ඇති කිරීම මෙහි බලාපොරොත්තුව බව අධිකරණ අමාත්‍යවරයා කීය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂ කළොත් පමණයි ජනතාවගේ අයිතින් ආරක්ෂා වෙන්නේ, මාධ්‍යවේදින්ගේ අයිතීන් ආරක්ෂා වෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය තමයි නීති හදන්නේ. මෙම පාර්ලිමේන්තුව නැති වුවහොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ වන විට විසි වතාවක් සංශෝධනය කර තිබෙනවා. ඇතැම් සංශෝධන එක් වෙලා තිබෙන්නේ පුද්ගලානුබද්ධවයි.යම් යම් පුද්ගලයන්ට වාසි සහගත වෙන ලෙසයි''යැයි ද අමාත්‍යවරයා කීය