ඔහු මේ බව පැවසුවේ අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ නවක වදය යන මැයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
නවක වදයේ සුන්දර පැත්තක් ඇති බවට සමහරුන් අදහස් දැක්වුවද වර්තමානයේ එහි සුන්දර පැත්තක් තමන් පිළිනොගන්නා බවද, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම 1998 අංක 20 දරණ පනත සම්මත කර 222 ඔක්තෝම්බර් 14 වන දින නැවත මෙය යාවත්කාලීන කර මෙම සීරෝ ටොලරන්ස් යන්න එනම් කිසිදු සහනශීලීත්වයක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නවක වදය සම්බන්ධයෙන් අනුගමනය නොකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.
ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේදී නවක වදයට පක්ෂ නොවන බවට ප්‍රකාශයක් අත්සන් කරන බවද, නමුත් වර්තමානයේ විශ්ව විද්‍යාල තුළ සිටින ශිෂ්‍යයන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුව විවිධ දේශපාලන පක්ෂ වල දැනුවත්භාවය මත ඒවාට බඳවාගැනීම සිදුකිරීම සඳහා නවක වදය යොදාගන්නා බවද ඒවායෙහි අතකොලු බවට ශිෂ්‍යයන් පත්වන බවද කියා සිටියේය.
දුප්පත්භාවය සහ අසරණකම හේතුවෙන් අලුතෙන් විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් ශිෂ්‍ය සංගම් වල නායකයින්ගේ පෙළඹවීම් සහ වැරදි මත හේතුවෙන් දේශපාලන පක්ෂ වලට බැදීමටත් නවක වදයට විරුද්ධ නොවීමටත් පෙළඹෙන බවද කියා සිටියේය.
මෙය සම්පූර්ණ මිථ්‍යාවක් බවද, මෙලෙස සම්පූර්ණ මුලාවේ වැටෙන ශිෂ්‍යයින් ශිෂ්‍ය සංගම් නායකයින් පිටුපසින් යන බවද, මෙම ශිෂ්‍ය සංගම් නායකයින් නියෝජනය කරන්නේ ඇතැම් දේශපාලන පක්ෂ බවද සදහන් කළේය.
නවක වදය අද ඉතාම දරුණු සහ කෲර ලෙස සිදුවන බවද, ශිෂ්‍යයින්ගේ නොදැනුවත්භාවය, අසරණකම සහ දේශපාලන පක්ෂ වල උවමනාව මත ඒය සිදුවන බවද පැවසුවේය.
ශිෂ්‍ය සංගම් වල කැට හොල්ලමින් සහ විවිධ ක්‍රම මගින් ආදායම් උපයාගැනීම මගින් මුදල් අවභාවිත කිරීමක් කරන බවද, මූල්‍ය විනයකින් තොරව කටයුතු කරන බවද කියා සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය උපුල් අබේරත්න මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතාද සහභාගී වූහ.