අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමක් අතරතුර දී ය.
එමෙන් ම පසුගිය රුසියානු හා බෙලරූස් නිල සංචාරය අතරතුර එම ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කර ගැනීමට ක්‍රියා කර අවබෝධතා ගිවිසුම්වලට ද එළඹි බව ඒ මහතා මෙහි දී පැවසී ය. ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන රටවල් විසින් ම අයදුම්පත් පිරික්සා බලා ඉසඩ් අගය මත ඍජු ව මැදිහත් වී ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අයදුම්කරුවන්ගේ ඉසඩ් අගය පමණක් සලකා ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමත් වශයෙන් ක්‍රම දෙකකට මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. එසේ ම ඉදිරියේ දී ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය කල් තියා ප්‍රසිද්ධ කර තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් ප්‍රමාණය ද අවසාන් වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමේ පාරදෘශ්‍යභාවය සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. තව ද එම සංචාරයේ දී බෙලරුස් රාජ්‍යයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය අතර වෙනත් ආධ්‍යාපනික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට අදාළ කෙටුම්පත් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ