ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල හා නවකවදය සම්බන්ධයෙන් ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, විශ්වවිද්‍යාල වල සිදු වන නවකවදය සම්බනධයෙන් පොලිසියට පැමිණිලි නොලැබෙන අතර එය ලැබුණු විට දි ඒ සම්බනධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව කීය.
කෙසේ වුවද,මේ සඳහා විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයින් මෙන් ම අධ්‍යන,අන්‍යයන කාර්ය මණ්ඩල වල ද සහයෝගය අවශ්‍ය බවත් , නවක වදය සම්බනධයෙන් තොරතුරු පොලිසියට ලබා දීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන හෙයින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ක්‍රියාත්මක කිරිමට පොලිසියයට නොහැකි ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
නවකවද සිද්ධින් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලවලට ගොස් ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වුවද, එසේ කිරිමට යාමේදි එහි ඇති විය හැකි වෙනත් අර්බුදකාරි වාතාවරණය නිර්මාණය විය හැකි හෙයින් එසේ නොකරන බව තල්දුව මහතා කීය.
මේ නවක වදය සම්බන්ධයෙන් චූදිතයෙක් ලෙසින් පොලිස් වාර්තා පොතට විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක්ගේ නම සටහන් වීමෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ මුලු ජීවිතයම අඳුරට පත්හෙවිය හැකි බැවින් මෙවැනි සිද්ධින් සඳහා දායක නොවන ලෙස තමා ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් විශ්ව විද්‍යාල ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.