දැනට තිබෙන පාසල් වර්ගීකරණය කිසිවෙකුට නොතේරන බවත් ජාතික පාසල් සංකල්පය අද සමාජය , දරුවො සහ රට සියල්ලම බෙදා වෙන් කර ඇති බවද අමාත්‍යවරයා කීය.
ජාතික පාසල් වැඩසටහන සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ලබන වසර මුල සිට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන අතරතුර මේ සම්බන්ධයෙන් සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළු පැවැත්වීමටද සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
මෙම අධ්‍යාප ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ප්‍රධාන ක්ෂේත්‍ර 6 ඔස්සේ සිදු කෙරේ. ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර එහි පරිපාලන ව්‍යුහය ශක්තිමත් විය යුතු බවත් එසේ නොමැතිව මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඉදිරියට ගමන් නොකරන බවද අමාත්‍යවරයා කීය. වසර 10කදී මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්පූර්ණ වන අතර ඉදිරියේදී මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත .
වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ 1,2,3 යන ශ්‍රේණි ක්‍රමය වෙනුවට ප්‍රාථමික, ද්විතීක Primary, Junior Secondary, Senior Secondary) ආදී වශයෙන් ශ්‍රේණි නම් කරන බවයි.
ඒ අනුව 1සිට 5 දක්වා ප්‍රාථමික , 6 සිට 9 දක්වා ද්විතීක සහ 10 සිට 13 දක්වා උසස් අධ්‍යාපන වශයෙන් වර්ගීකරණය කරයි. ලෝකයේ අනෙක් රටවලද පිළිගත් ක්‍රමවේදය මෙය බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. ඒ අනුව එක් පාසලක් මෙම කොටස් තුන විදුහල්පතිවරු තිදෙනෙක් යටතේ පාලනය වේ. ප්‍රධාන විදුහල් පතිවරයා විසින් මෙම සියලුම කටයුතු අධීක්ෂණය කෙරේ.
දැනට තිබෙන පාසල් කළාප 100 ඉදිරියේදි 120ක් දක්වා වැඩි කරන බවද අමාත්‍යවරයා කීය. උදාහරණයක් ලෙස කොළඹ කලාපයේ පාසල් 144ක් තිබෙනවා. 185,000ක් දරුවන් මෙම කොළඹ නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබවා. ගුරුවරු 11,000 සිටිනවා. තනි කළාප කාර්යාලයකට මෙම ලිපිගොනු සියල්ල සිදු කරන්න අමාරුයි. ඒ අනුව තවත් කළාප 20ක් එක් ඉදිරියේ දී අලුතින් එක් වෙනවා.