පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා වශයෙන් තමා ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සහ කරනවා-අධිකරණ අමාත්‍ය

    ඔක්තෝබර් 21, 2022

    මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස නැති කිරීමට ඇතැම් මාධ්‍ය යකණ්ඩායම් උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සභාපතිවරයා වශයෙන් තමා ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට එම පිරිස උත්සාහ කරන බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

      වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචර ධර්ම සහ වරප්‍රසාද කමිටුවක් තිබෙන බවත් එහි සභාපතිවරයා වශයෙන් තමා පසුගිය දින කිහිපයේ දී මාධ්‍යවේදින් කිහිපදෙනෙක් එම කමිටුව හමුවට කැඳ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

    එහෙත් මීට දින කිහිපයකට පෙර විද්‍යුත් මාධ්‍ය මාධ්‍යවවේදියෙක් උදැසන පුවත්පත් විශේෂාංග ඉදිරිපත් කිරීමේ දී පුවත්පත් දැන්වීම මඟින් මන්ත්‍රීරුන් අපහසුතාවයට පත් කළ බවත්
    මන්ත්‍රීවරු කෙරෙහි වෛරයක් ඇති වන ලෙස කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඇතැම් පුද්ගලයන් කරන දේ නිසා සියළු දෙනාම වැරදිකරුවන් ලෙස කීම වැරදි බවත් මෙම මාධ්‍යවේදින් නිසා අවංක මන්ත්‍රීවරුන්ගේ දරුවකුට හෝ පාසලට යාමට පවා නොහැකි  තත්ත්වයක් උද්ගත  වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම තත්ත්ය ඇති වි තිබෙන්නේ ඇතැම් ජනමාධ්‍යවේදින් නිසයි. අපි දන්නවා ඇතැම් ජනමාධ්‍ය වේදින් ඉන්නවා අරක්කු බෝතල් දෙකක් ගෙනිහින් දීලා මේ ප්‍රවෘත්තිය පළ කරන්න කිවුවම පළකරනවා.
    මම පුවත්පත් මණ්ඩලයේ සභාපති ලෙස වසර 05ක් කටයුතු කළා. මේ රටේ මාධ්‍ය වේදින්ගේ හැටි අපි දන්නවා. ඒත් ඒ හේතුවෙන් සියළුම මාධ්‍ය වේදින් නරකයි කියලා හංවඩු ගහලා කතා කරන් නැහැ. ඒ අපි ඒ ගොල්ලන්ට ආදරේ නිසා නෙමෙයි. අපේ රටේ ප්‍රජාත්‍රන්තවාදයට නිදහස් මාධ්‍යයක් අවශ්‍ය නිසා.

    අපේ රටේ ඇතැම් මාධ්‍ය ආයතන ඒ අයට අවශ්‍ය ජනාධිපතිලා ගෙනත් ඒ අයට අවශ්‍ය කටයුතු කරගන්නවා. සමහර මාධ්‍ය ආයතන හිතන් ඉන්නේ ඒ ගොල්ලන් තමයි මේ පාර්ලිමේන්තුව පාලනය කරන්නේ. යැයි ද අමාත්‍යවරයා සිය ප්‍රකාශය කරමින් කීය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya