පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

      ආන්දෝලනයට ලක් වූ හමර් රථ සිද්ධියේ ඉදිරි පරීක්ෂණ ඇමැති නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  

    ඔක්තෝබර් 21, 2022

    නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

     ඊට අදාළ ලිඛිත ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අද (21) පොලිස්පතිවරයා වෙත යොමු කළේ ය.

    ඒ අනුව පොලිපතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිත ය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මීට පෙර වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාවේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

    අදාළ රථය ඉකුත් වසරේ පෙබරවාරි මස 22 මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර ඇත. පසුව එය රාජ සන්තක කර ඇති අතර අනතුරුව පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියේ දී අදාළ රථය මිල දී ගෙන ඇත්තේ ආනයනකරු විසින් ම ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මීට පෙර නියෝග කර තිබිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya