22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179 ක් ලැබණු අතර විපක්ෂව ඡන්ද 01ක් ලැබිණි.
22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය ඊයේ (20) සහ අද (21) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.