පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ කර්ණාටක් සහ බැංගලෝර් ප්‍රාන්ත වල සිට සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්

    ඔක්තෝබර් 23, 2022

    එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් කාල සීමාව තුළ ඉන්දියාවේ කර්ණාටක් සහ බැංගලෝර් ප්‍රාන්ත වල සිට සංචාරකයින් දස දහසකට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

    සංචාරක ක්ෂේත්‍රෙය් ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    මෙරට සහ ඉන්දියාවේ කර්ණාටක් ප්‍රාන්තයේ කලාකරුවන් සම්බන්ධකරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ටුවනිවල් නම්න් හැඳින්වෙන මෙම වැඩසටහනේ පළමු වැඩසටහන එළඹෙන නොවැම්බර් මස 12 වන දා බැංගලෝර් ප්‍රාන්තයේදී ක්‍රිකට් තරගයක් පවත්වමින් ආරම්භ කෙරේ.

    දෙවන වැඩසටහන වශයෙන් දෙරට කලාකරවන්ගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර එය දෙසැම්බර් 08 දින යාපනයේ දොරේ අප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. නැවතත් දෙසැම්බර් 09 දින ක්‍රිකට්තරගාවලියක් සහ 10 වන දා එරට ආයෝජකයින් සමග හමුවක් සහ ප්‍රදර්ශනයක්ද කොළඹදී පැවැත් වේ.

    ඒ අනුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සඳහා හෙට දිනයේ එම පිරිස මෙරටට පැමිණෙන බවත් මෙරට ඉන්දියානු තානාපති කාර්යාලය ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

    ″අපි පුළුවන් තරම් අපේ රටේ ධනාත්මක පැත්ත පෙන්නන්න ඔින. නෙගටිව් පැත්ත පෙන්නන්න පෙන්නන්න විදේශිකයෝ මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරනවා.″

    මාස 03කට පසු ලෝකයේ රටවල් 80ක තරගකාරිනියන් සහභාගී වන මිස් ටුවරිසම් 2022 වැඩසටහන මෙරටදී පැවැත්වීමට අවස්ථාව උදා වූ බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. මෙම පිරිස සති 02ක කාලයක් මෙරට රැඳී සිටින අතර මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රදේශ ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. මෙම පිරිසට අවශ්‍ය ආරක්ෂාව සහ අනෙකුත් පහසුකම් සැපයීම සඳහා තමා කටයුතු කරන බවද ඇය සඳහන් කළාය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya