පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

    ඔක්තෝබර් 24, 2022

     නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 400 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පසුගියදා භාර දෙන ලදී.

    නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද මෙම වෛද්‍ය උපකරණ තොගය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වෙත (ඔක්. 19) භාරදුන් බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.

    තැලසීමියා රෝගීන්ගේ අත්‍යවශ්‍ය අවයවවල එකතු වන රුධිරයේ අධික යකඩ තැන්පතු ඉවත් කිරීම සඳහා තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර ඉතා වැදගත් වේ.

    මෙම වෛද්‍ය උපකරණය නිපදවා ඇත්තේ නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වන අතර එමඟින් රෝහල් සහ මෙම රෝගයෙන් පෙළෙන ළමුන් සඳහා අඩු මිලට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර ලබා දීම අරමුණු කර ගෙන ඇත.

    2001 වසරේ සිට නාවික හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන ඒකකය තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 2774ක් නිෂ්පාදනය කර භාර දී ඇත. 2011 දී මෙම වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා විලේපන, උපකරණ හා ඖෂධ පාලක මණ්ඩලයේ (CDDA - Cosmetics, Devices & Drugs Regulatory Authority) ප්‍රමිති සහතිකය එයට ලැබුණි.

    අධ්‍යක්‍ෂ නාවික ප්‍රතිපත්ති හා සැලසුම්, කොමදෝරු චින්තක කුමාරසිංහ මහතා සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ නිලධාරීන් මෙම භාරදීමේ අවස්ථාවට එක්ව සිටි බව ද නාවික හමුදාව වාර්තා කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya