පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආරක්‍ෂක ලේකම් මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමාලෝචනය කරයි

    ඔක්තෝබර් 24, 2022

    ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා (ඔක් 23) අනුරාධපුර මිහින්තලා විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින් ‘මිහිඳු මහා සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ කටයුතු සමාලෝචනය කළේය.

    ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාවලියට අවශ්‍ය නියමිත ප්‍රමිතියෙන් යුතු ගඩොල් නිෂ්පාදනය සහ ප්‍රවාහනය, ධාතු තැන්පත් කිරීම සඳහා ගල් කරඬුව සකස් කිරීම, සර්වඥ ධාතු තැන්පත් කිරීම සඳහා ස්තූපයේ ඝර්භය නිර්මාණය ඔහුගේ සංචාරයේදී සමාලෝචනයට ලක් වූ ව්‍යාපෘතියේ ප්‍රධාන අංග අතර විය.

    ආරක්‍ෂක ලේකම් ප්‍රධාන වශයෙන් ස්ථූපයේ වැඩ අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රම බලකායට ලබාදුන් අතර දාන ශාලාවේ ඉදිකිරීමේ ප්‍රගතිය පිළිබඳව ද විමසා බැලීය.

    මිහිඳු මහා සෑය මෙරට පැරණිතම ස්ථූපයක් ලෙස සැලකේ. දිගු කලක් අබලන්ව තිබූ ස්ථූපය ප්‍රතිසංස්කරණය කිරීම 2020 ඔක්තෝම්බර් 24 වන දින ආරම්භ කරන ලද්දේ එහි පෞරාණිකත්වය සහ ආගමික වැදගත්කම ආරක්‍ෂා කිරීමේ අදහසිනි.

    ක්‍රිස්තු පූර්ව 200 - 210 අතර කාලයේ රජකළ දෙවනපෑතිස්ස රජුගේ බාල සොහොයුරා වූ උත්තිය රජු විසින් මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාවශේෂ කොටසක් නිධන් කර මෙය ගොඩනැගූ බව මහාවංශයේ සඳහන් වේ.

    මිහින්තලේ පුරාණ රජමහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව මත ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් පරිදි නාවික හමුදාවේ සහය ඇතිව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වේ.

    මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා විහාරවාසි සුරුක්කුලමේ ඉන්ද්‍රරතන නාහිමි සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණික නිලධාරීන් ද එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya