මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    කැලණි ගංගා ද්‍රෝණිය සහ මහවැලි ගඟ භාවිතා කිරීමේදී ජනතාව ඉතා සැළකිළිමත් වන්න

    ඔක්තෝබර් 24, 2022

    දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘතව පවතින බවත් කැලණි ගංගාද්‍රෝණියේ, මාවුස්සාකැලේ වාන් දොරටු දෙකක් ඊයේ රාත්‍රියේ විවෘත කර ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී.අබේසිරිවර්ධන මහතා පවසයි.

    ඒ අනුව කැලණි ගංගා ද්‍රෝණිය සහ මහවැලි ගඟ භාවිතා කිරීමේදී ජනතාව ඉතා සැළකිළිමත් වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.මෙම ගංඟා දෙකෙහි ජලමට්ටම් නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන බවත් ඒ මහතා පවසයි.

    එසේම අද උදෑසන 8න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වාරි කලාප ආශ්‍රිත ප්‍රදේශවල වර්ෂාපතනයේ කිසියම් අඩුවීමක් වාර්තා වන බවත් එම ප්‍රමාණය 20 mm - 30mm අතර බවත් වාරි ජලාශවල සුවිශේෂී වාන් දොරටු විවෘත කිරීමක් වාර්තා නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මීට අමතරව අනෙකුත් ජලාශවල කෘෂිකර්මාන්තය සඳහා ජලය නිකුත් කර තිබෙන බැවින් ඇළවේලි සහ ජලාශ සම්බන්ධ කෙරෙන අනෙකුත් ජල මාර්ගජලයෙන් පිරී පවතින් නිසා මෙම ජල මාර්ග භාවිතයේදී ඉතාමත් සැලකිළිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya