පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දීපාවලි විශේෂ සැමරුම් උත්සවයක් ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 24, 2022

     

    ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය හින්දු චාරිත්‍රවලට මුල්තැන දෙමින් ඉතා සරල හා චාම් ලෙස පැවැත්විණි.

    මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු හින්දු බැතිමතුන් වෙත සුබ පැතුම් පිරිනැමීය.

    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, මනූෂ නානායක්කාර, සමගි ජන බලවේගය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු අමාත්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම්, ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගරාජා, කොළඹ නියෝජ්‍ය නගාරාධිපති ඒම්. ඉක්බාල්, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන ජේරාජ් විශ්ණුරාජ්, කනක රන්ජිරන් බ්‍රනවන්, දුමින්ද ආටිගල, ඒක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝංගහගේ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටියහ.

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya