බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මග පෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනේ. වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ
අභියෝගයේ දී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඒ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට ම එතෙක් කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා වහාම වැඩි කරන ලදී.
ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බදු වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරනු ලැබේ.
1. කැසිනෝ සඳහා මෙතෙකේ නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම
2. වෙනත් ඔට්ටු හා සූදු සඳහා අවම වශයෙන් පහත සඳහන් පරිදි බදු වැඩි කිරීම
අ. සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා
රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීම
පිරිවැටුම මත අය කෙරෙන 10%ක බද්ද අවම වශයෙන් 15% දක්වා වැඩි කිරීම
ආ. ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම
ඇ. සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000/= සිට රුපියල් 75,000/= දක්වා වැඩි කිරීම මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ. මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතගොත්,
මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අය වේ.
දුම්වැටියකින් 85%කට ආසන්න බද්දක් අය වේ.
අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද 40%ක ආදායම් බද්දක් අය කරනු ලබයි.