ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ළමා උද්‍යායනය කේන්ද්‍ර කරගනිමිත් පැවැත්වෙන “මහතලා “කඩ විදිය හා සැණකෙලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, මාතලේ නගරය කේන්ද්‍ර කරගෙන මෙම වැඩපිළිවෙල මාතලේ මහ නගර සභාවේ මුලිකත්වයෙන් සිදු කිරිම අගය කරන බවය. ජනතාව මේ වන විට අධික කාර්යබහුල ජිවිතයක් ගත කරන්නේ. සති අන්තයේ මෙවැනි සෞන්දර්ය හා සංස්කෘතික අංග ඉදිරිපත් කිරිම සිදු කළ යුතුයි.ඒ වගේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවාසයින්ට සාධාරණ ලෙස තම අලෙවි කටයුතු සිදු කර ගැනිම සදහා අවස්ථාවන් ලබා දිය යුතුයි.
මාතලේ නගරය තුළ සංචාරක ප්‍රවර්ධනය කිරිම සදහා අප වැඩසටහන් රැසක් දියත් කරමින් තියෙනවා. ඉදිරියේදි වි.ටි නානයක්කාර උද්‍යායනය ඇතුලු අනෙකුත් ස්ථානවල දේශිය හා විදේශීය සංචාරකයින් ගෙන්වා ගෙන සංස්කෘතික මෙන්ම අනෙකුත් පහසුකම් වලින් පිරි වැඩසටහන් රැසක් දියත් කිරිම සදහා සංචාරක අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් පවතිනවා.ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය පුරා ඇති සංචාරයට සුදුසු ස්ථාන වැඩි දියුණු කරමින් ඒවා සංචාරකයින් සදහා විවිර කිරිමට බලාපෙරොත්තු වන බවත් ඒ සදහා මෙවැනි වැඩසටහන් ආරම්භ කිරිම කාලෝචිත බවද හෙතෙම වැඩිදුරටත් පැවසිය.
මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ,මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්,නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන,මාතලේ අතිරේක දිසාපති නිශාන්ත කරුණාතිලක යන මහත්වරුන් නාගරික මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.