කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ප්‍රගතිය සම්බන්ධව පසුගියදා පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී තිබේ.
විශේෂයෙන්ම රාජ්‍ය දැව සංස්ථාව උසස් ප්‍රමිතියෙන් යුත් දැව නිෂ්පාදන නිපදවන අතර වෙනත් ආයතනවලට අවශ්‍ය දැව නීත්‍යානුකූලව සපයන එකම රාජ්‍ය ආයතනය වේ.
මේ වනවිට රජය විදේශ රටවලින් දැවමය ගෘහභාණ්ඩ මෙරටට ආනයනය කිරීම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩනිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතියි.
මෙම වසර අවසන් වන විට රාජ්‍ය දැව සංස්ථාවේ ආදායම තවත් රුපියල් මිලියන 250කින් හෝ ඉහළ නංවාගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.
දැනට රාජ්‍ය දැව සංස්ථාව සතුව කළුවර දැව මෙට්‍රික් ටොන් 500කට වඩා විශාල තොගයක් පවතින බැවින් එම කළුවර දැව මිශ්‍රව යොදාගනිමින්ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය සඳහා ගෘහ භාණ්ඩ සැකසීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම ඉදිරි වර්ෂ කිහිපයතුළ දී ද මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය අවසර නොදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය දැව සංස්ථාව ඉදිරි කාලය තුළ මෙරට වෙළෙඳ පොළට හොඳම දැව සපයන්නා බවට පත් වීමට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළට ද තම නිෂ්පාදනහඳුන්වා දෙනු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්වීමට අවශ්‍ය පියවර ගතයුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර වෙළෙඳපොලට දැව හා දැවනිෂ්පාදන අපනයනය සඳහා දැනට පවතින නීතිමය බාධක සියල්ල ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බවත් රාජ්‍ය දැව සංස්ථාව විදේශ විනිමය උපයනආයතනයක් බවට පත් කිරීම රජයේ ඉළක්කය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි විය.