ලංකා ධිවර සංස්ථාව නිරන්තරයෙන් පාරිභොගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් නවින වෙළදසැල් ජාලාවක් දිවයින පුරා ආරම්භ කරමින් සිටින අතර එහි තවත් පියවරක් ඉදිරියට යමින් මීරිගම සහ පෑලියගොඩදි වෙළදසැල් දෙකක් විවෘත කිරීම ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් ( 24 දින ) සිදු විය.
ලංකා ධිවර සංස්ථාව අතිතයේ සිට ධිවර ප්‍රජාව රැක ගනිමින් ජනතාවට පෝෂදායි ආහාර වේලක් ලබාදිමේ අරමුණින් ක්‍රියාත්මක වන අතර පසු ගිය කොරෝනා සමයේ දි ධිවරයන් නෙලාගන්නා මත්ස්‍ය සම්පත අපතේ යාමට නොදි මිළ දී ගනිමින්, සංස්ථාව සතු පහසුකම් යොදා ගනිමින් පාරිභෝගිකයාගේ නිවෙස් වෙත ලබා දීමට කටයුතු කළ අතර ඉදිරියේදි මත්ස්‍ය ජංගම අලෙවිසැල් අරම්භ කරමින් සංස්ථාවේ සේවාව තව තවත් පාරිභෝගිකයාට සමිප කරලිමට පියවර ගන්නා බවද මෙම අවස්ථාවට එක්වෙමින් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, වර්තමානය වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනිමේ ගැටලුවක් මතුව ඇති බව ජනාධිපතිතුමන් ඇතුළු වත්මන් රජය අවබෝධ කරගෙන සිටින අතර ඒ සදහා යම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව ද එයට ධිවර අමාත්‍යංශය ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බවය.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධිවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ලංකා ධිවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.