සංවේදී පරිසර කළාපයක මේ අයුරින් වනසතුන්ට හිංසාවන අයුරින් වාහන ධාවනය කරන අවස්ථාවේ ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් නොකළ මඟ පෙන්වන්නන් Trackers හා අනිකුත් නිලධාරින් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.
වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම පිරිස සමග ගිය මඟපෙන්වන්නන් හා නිලධාරීන්ගේ සම්බන්ධව විමර්ශනය අවසන් වන තෙක් සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි.
එමෙන්ම මෙම පිරිස කවර තරාතිරමක අය වුවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිතුමාට ලිපියක් යවන ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දුන්නේය.
මේ අතර මෙවැනි සිද්ධි නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ඒ යටතේ මෙවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන පුද්ගලයින් හා වාහන නැවත වනෝද්‍යානවලට ඇතුල්වීම වැළැක්වීම සඳහා ඔවුන් කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම වැනි වැඩපිළිවෙළක් ඇරඹීමටත්, එවැනි කටයුත්තක් සිදු කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ප්‍රමාණවත්දැයි සොයා බලන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය නම් වනජීවි හා වෘක්ෂලතා පනතට අවශ්‍ය සංශෝධන පවා ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.