රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, අද (25) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමිනි.
පසුගිය කාලයේ පැවති සත්ත්ව ආහාර හිගයත් සමග සත්ත්ව ගොවිපොළවල් වැසීගිය බවද, වර්තමානයේ ගොවිපොළවල් විවෘත කර ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ ඔස්සේ සතුන් අලුතින් පැටවු බිහිකර දෙසැම්බර්, ජනවාරි වන විට වැඩි බිත්තර ප්‍රමාණයක් නිපදවිය හැකි බවද, එමනිසා බිත්තර හිඟයක් හෝ බිත්තර මිල වැඩිවීමක් සිදුවිය නොහැකි බවද පැවසීය.
මෙම ගැටලු සදහා පශු සම්පත් අමාත්‍යංශය මේ වන විට පිළිතුරු සොයමින් සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේ