රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා මාධ්‍ය වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (25) පැවති අවස්ථාවේ දී එයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය සමයේදී ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ව්‍යවස්ථාදායකයේ කටයුතු කරන මහජන නියෝජිතයන්ට එල්ල වූ ප්‍රහාර සහ පාර්ලිමේන්තුව විවේචනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයේ හැසිරීම ප්‍රශ්නකාරී බව පැහැදිළි කළ අතර රටේ උත්තරීතර පාර්ලිමේන්තුව බිඳ වැටුනොත් විධායකය මෙන්ම අධිකරණයද බිඳ වැටෙන බවත්,ව්‍යවස්ථාදායකයේ උත්තරීතරබව රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව තුළින්ම පිළිගෙන ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ඒ සම්බන්ධයෙන් පැහැදිළී කරමින් මාධ්‍ය විසින් සිදුකරන වාර්තා කිරීම වගකීම් සහිතව සිදුකරන ලෙසද අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානය වන විට මෙර රට වැටී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩඒම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බවත්, සෑම අවපාතයකින්ම ඉදිරියට පැමිණි සෑම රටක්ම එසේ ඉදිරියට පැමිණ ඇත්තේ සාමූහික වගකීමෙන් කටයුතු කිරීමෙන් බවත්ය.
එමනිසා සියලු දෙනා මේ මොහොතේ සාමූහිකව කටයුතු කළ යුතු බවත්, සාමූහික වගකීම සම්බන්ධයෙන් මෙන්ම රටේ සිදුවන සංවර්ධන සම්බන්ධයෙන් වාර්තා කිරීම සෑම මාධ්‍යයකම වගකීමක් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා පැවසුවේ,මාධ්‍ය භාවිතය කාමරයක් තුළට කොටු වෙමින් කළ හැක්කක් නොවන බවත්, මාධ්‍ය කටයුතු ඇත්තේ සාමාන්‍ය ජනතාව අතරේ බවත්, සෑම මාධ්‍ය කටයුතු කරන මාධ්‍යවේදියකු මෙන්ම මාධ්‍ය නිලධාරියකු ද සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් කටයුතු කළ යුතු බවත්ය.