රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මාන 40ක් හා සාහිත්‍ය රත්න සම්මාන 03ක් පිරිනැමීමට නියමිතය.
මෙහිදී සාහිත්‍යරත්න සම්මානයෙන්සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය කමනී ජයසේකර හා ටී. ඥානසේකරන් යන මහත්ම මහත්මීන් පිදුම් ලැබීමට නියමිතය.
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කර ඇත.