එහි එක් අංගයක් ලෙස වෙරළ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාකාරී ස්වේච්ඡා සංවිධානවල එකමුතුවෙන් 2022 ඔක්තෝබර් මස 24 වන දින පස්වරුවේ දෙහිවල Pink Salt වෙරළ තීරයේ දී පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විණී.
එහිදී අදහස් දක්වමින් පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතා සඳහන් කළේ, පරිසරය ආරක්ෂා කිරීමට සියලු දෙනාටම වගකීමක් පවතින අතර එය සැමගේ ජීවන රටාව බවට පත්විය යුතු බවය. දෙහිවල වෙරළ තීරයෙන් ආරම්භ කළ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන ඉදිරියේදී දිවයින වටා සියලුම දිස්ත්‍රික්ක වලට ගෙනයන බව ද ඔහු කියා සිටියේය. ජෛව පරිසර පදිධතිය ආරක්ෂා කරගැනීමට මෙන්ම දේශගුණික විපර්‍යාස වලින් සිදුවන අයහපත් බලපෑම අවම කරගැනීමට ද වෙරළ පද්ධතිය පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බලශක්තිය භාවිතයේදී අප රට පුනර්ජනනීය හා හරිත බලශක්තිය භාවිතයට හුරුවීම ඉතා වැදගත් බවයි.
පරිසර අමාත්‍යංශයයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින්, ඓතිහාසික වශයෙන් පුනර්ජනනීය ඉන්ධන භාවිතයට හුරුවී සිටි රටක් වූ ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන භාවිතයට පූරුදුවීම මගින් ඓතිහාසික වැරැද්දක් සිදු කර ඇති බවයි. පුනර්ජජනීය ඉන්ධන භාවිතය අඛණ්ඩව සිදුකරේ නම් වාර්ෂිකව ඩොලර් බිලියන ගනණක් රටට ඉතුරු කරගැනීමට හැකිවනු ඇති බවද ඔහු පැවසීය. දේශගුණික විපර්‍යාස හේතුවෙන් රටතුල වඩාත්ම බලපාමට ලක්ව ඇත්තේ ධීවර, කෘෂි හා සංචාරක ක්ෂේත්‍රයන් බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය. “දේශගුණීක විපර්යාස අර්බුධයේදී ශ්‍රී ලංකාව යනු චූදිතයෙක් නොව වින්දිතයෙක් පමණි. එබැවින් එහි චූදිතයන් වන ධනවත් රටවල් විසින් මෙම අර්බුධයෙන්ගොඩ ඒමට ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතුය.”
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා එක්ව පරිසර අමාත්‍යාංශය මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා Pearl Protection ආයතනය සහ ස්වේච්ජා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියහ.