ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (Sexual and Gender Based Violence (SGBV) 2016-2020 ) විසඳීම සඳහා බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කිරීම පිළිබදවද මෙහිදී විශේෂ අවධානය යොමුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
කමිටුවේදී නව පනත් කෙටුම්පතට අදාළව සාකච්ඡා කරන ලද සියලුම නිර්දේශ සති දෙකක් ඇතුළත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධව පත් කර ඇති විද්වත් කමිටුව වෙත යැවීමට ද මෙහිදී තීරණය විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගීතා කුමාරසිංහ, ඩයනා ගමගේ, පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන . චන්දිම වීරක්කොඩි, එරාන් වික්‍රමරත්න, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක්ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.