රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ද්විත්ව පුරවැසියන් ව්‍යවස්ථාදායකයෙන් ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය විමසු විට ඒ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇතැම් මහජන නියෝජිතයන්ගේ නම් ප්‍රකාශ වන බවත්, ඒ සම්බන්ධයෙන් රජයක් ලෙස සොයා බලා කටයුතු කිරීමට තමන්ට බලයක් නොමැති බවත්, සියල්ල කළ හැක්කේ අධිකරණය මගින් බවත්ය.