පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    විගමනික ශ්‍රමිකයන්ගේ නීත්‍යාණුකූල ප්‍රේෂණ දිරිගැන්වීමට පියවර රැසක්

    ඔක්තෝබර් 26, 2022

    එතෙර රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    ඒ අනුව සුදුසුකම් සපුරන විගමනික ශ්‍රමිකයින් නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව ඔවුන් ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් සලසා ඇත.

    එහිදී 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් සක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර හිමිවේ.

    2022.05.01 දින සිට 2023.12.31 වන දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya