පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ඔක්තෝබර් 26, 2022

    රට මුහුණ දී ඇති ප්‍රධානම ගැටළුව නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බවත් රජය එම ක්‍රියාවලියට විශේෂ වෙහෙසක් දරමින්, ප්‍රමුඛතාවය දෙමින් එම කටයුතු නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය යේ පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ,, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවෙන ඇතැම් වාර්තා පිළිබඳ නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බවයි.

    අද රට මුහුණ දී ඇති ප්‍රධානම ගැටළුව තමයි විදෙස් රටවලින් ලබා ගත් ණයගෙවීම. නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම විදෙස් ණය ලබාගෙන තිබෙනවා. කිසිම ආණ්ඩුවකට විදෙස් ණය ලබා නොගෙන කටයුතු කරන්න අමාරුයි. රට බංකොලොත් රටක් ලෙස හංවඩු කළොත් අපට අවශ්‍ය ගෑස්,ඉන්ධන,යන්ත්‍ර සූත්‍ර කිසි දෙයක් ගන්න බැරි වෙනවා. සමහර විදෙස් ණය ගෙවී ම මේ වන විට තාවකාලිව අත්හිටුවා තිබෙනවා.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිරන්තරයෙන් සිදු වෙමින් පවතින බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශය ඇතුළු අනෙකුත් නිලධාරින් ඒ සඳහා වෙහෙසක් ගෙන කටයුතු කරන බවය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya