ඔහු මේ බව කියා සිටියේ, පවතින වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු රෝගය ව්‍යාප්ත විමේ අවධානම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
අද වන විට මෙම වසර තුළ අප රටෙහි 62,000 කට අධික ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද, ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 60ක් පමණ වාර්තා වී ඇතැයිද කියාසිටි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා එලෙස මියගිය අයගෙන් බහුතරයක් ළමා වයසේ පසුවන්නන් හෝ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් බවද අවධාරණය කළේය.
නිසි වේලාවට රෝහලකට පැමිණ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් සහ අවශ්‍ය පරීක්ෂණ නිසි කලට සිදුකර ගැනීමෙන් ඩෙංගු නිසා සිදුවන මරණ වළක්වාගත හැකි යැයිද කියාසිටි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා උණ සෑදුණහොත් හොඳින් විවේක ගැනීමත්, පැය 24කට වඩා උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් බවද සඳහන් කළේය.
උණ සඳහා පැරසිටමෝල් හැර වෙනත් ඖෂධ ලබානොගැනීම වැදගත් බවද, ඩෙංගු රෝගය පැතිරීම සම්බන්ධව ඉදිරි කාලය ඉතාමත් අවධානම් වන බැවින් තමා අවට සහ නිවාස අවට පරිසරය පිරිසිදු කරගැනීමට සතියකට වරක් පැයක පමණ කාලයක් යෙදවීමේ වැදගත්කම පිළිබදවද පැහැදිලි කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සතිර මාරසිංහ මහතා ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය පිළිබදව පැහැදිලි කරමින් කියා සිටියේ ඩෙංගු මදුරුවන් ඉතාමත් අඩු ජල ප්‍රමාණයක බෝවිය හැකි අතර පිරිසිදු ජලයට වඩා පැහැදිලි ජලයේ බෝවිය හැකි බවයි. කාබනික ද්‍රව්‍ය අඩංගු ජලයේද ඩෙංගු බෝවිය හැකි බවද බිත්තර වලට මාස 06ත් අවුරුද්දත් අතර කාලයක් ජලය නොමැතිව වුවද නොනැසී පැවතීමේ හැකියාවක් ඇතැයිද සඳහන් කළේය.