88- 89 තරුණ අරගලය මුල් කර එවකට රජය විසින් පත් කරන ලද''තරුණ අසහනය පිළිබඳ වූ කොමිෂන් සභාවේ'' නිර්දේශ පරිදි වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් හට දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වීමට අවස්ථාව සලසා දෙමින්, පළාත් පාලන ආඥා පනත නිර්මාණය කර,ඒ මගින් ඡන්ද අපේක්ෂිත ලැයිස්තු වලින් 25%ක් සඳහා තරුණ තරුණියන් වෙත නාම යෝජනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබිණ.
90-91 වසරේ සිට එය ක්‍රියාවට නැංවූ නමුත්, 2017 වසරේ දී පළාත් පාලන සංශෝධිත කෙටුම්පත මගින් එම 25%ක් සඳහා වූ නාම යෝජනා හිමි වරප්‍රසාදය අහිමි වී ඇත.
මෙම ''පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ කෙටුම්පත'' 2022 නොවැම්බර් මස 08 වැනි දින උත්තරීතර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නූතන නිර්පාක්ෂික අරගලයේ පාර්ශවකරුවන් වූ තරුණ තරුණියන්ගේ ඉල්ලීම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවධානය යොමුකරමින්, එතුමාගේ රාජාසන කථාව මගින් ද ''ඉදිරි මැතිවරණ තරුණ තරුණියන් සඳහා'' බව ප්‍රකාශ කර සිටියේ ද තාරුණ්‍යයේ අපේක්ෂාවන් සාක්ශාත් වීමේ පෙරනිමිති පහල කරමින්ය.
තරුණ තරුණියන්ගේ විරැකියාව ඇතුලු කාලීන අසහන තත්ත්වයන් ස්ථිරසාර ලෙස මැඩ පැවැත්වීම සඳහා ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය ඇතුලු අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන සහ සම්බන්ධීකරණ මගින් විධිමත්ව කටයුතු කරමින් සිටින මෙවන් කාලවකවානුවක, තාරුණ්‍යයේ හෙට දවසේ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට ඉවහල්වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ප්‍රදානය කිරීම පිළිබදව එහිදී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට කෘතඥතාව පල කළේ ය.
මෙම කාලෝචිත යෝජනාව පිළිබඳව ජනාධිපතිතුමාගේ හා ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලබාදීමේ බලාපොරොත්තු සහිතව උක්ත කෙටුම්පතට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පූර්ණ එකඟතාවය ලබාදෙන ලදී.