පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි මාස කිහිපයේ දී ඖෂධ වර්ග 231 ක් ලැබීමට නියමිතයි

    ඔක්තෝබර් 28, 2022

    ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ (27)පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

    ඉන්දීය ණය ආධාර ,චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදන, හදිසි මිලදීගැනීම්, ආසියානු ආයෝජන බැංකුවේ ණය සහනාධාර, රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඇතුළු ක්‍රම ඔස්සේ මෙලෙස ඖෂධ ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී (27) පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය විය. විශේෂයෙන් ගෝස් ,පුළුන්, සේලයින් ,dextrose ජලභීතිකා ඔෂධ, සර්ප විෂ සඳහා ලබාදෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී .ආර් .කේ.හේරත් මහතා මෙහිදී කීය.

    ඖෂධ සඳහා රජය මුදල් වැය කර තිබියදී ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන්ගේ වගකීමක් යැයි ද සැලසුම් සහිතව ඖෂධ හිඟයක් පිළිබඳව ඇතැමුන් ගෙන යන ප්‍රචාර පිළිබඳව සැලකිලිමත් නොවී ඖෂධ තත්ත්වය පිළිබඳව නිවැරදි හා සත්‍ය තොරතුරු දෛනිකව අධ්‍යනය කරමින් මහජනතාවට ඖෂධ අඩුපාඩුවකින් තොරව ලබා දීමට සෑම පියවරක්ම ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය

    විශේෂයෙන් පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන් හෘද රෝගීන් ඇතුළු විශේෂ රෝගී තත්ත්වයන් පිළිබඳ වඩා සැලකිලිමත් වෙමින් එම ඖෂධ පිළිබඳ පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ පිළිබඳදව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන් වසරකට අවශ්‍ය ශල්‍ය උපකරණ පිළිබඳව පූර්ව ගණනයක් කර ඇණවුම් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya