පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් බිලියන 1.8 ක ඖෂධ ආධාර චීනයෙන්

    ඔක්තෝබර් 28, 2022

    වකුගඩු / ජලභීතිකා / පෙනහලු ආසාදන / පිළිකා /ප්‍රතිශක්තිකරණ ඖෂධ

     චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් (27) මෙරටට ලැබිණි.

    එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු ෂෙන්හොං (Qi Zhenhong) මහතා විසින් භාරදෙනු ලැබීය.

    වකුගඩු , ජලභීතිකා , පෙනහළු ආසාදන ,පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ. චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබේ. එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17 ක් ලැබීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය පවසයි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා:

    මෙම සහනාධාර තොගය වෙනුවෙන් අවංකවම ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලාංකීය පුරවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා.දිනපතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැස් වෙමින් ඖෂධ තත්ත්වය පිළීබඳ සාකච්ඡා කරමින් ක්‍රියා කරනවා. ඒ සඳහා අපට මෙලෙස ලැබෙන සහනාධාර ඉහළින් අගය කර සිටිනවා. අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා මෙය මහත් පිටිවහලකි. මුළු ලෝකයම පාහේ මේ වනවිට විශාල අර්බුදයක සිටිනවා. යුරෝපානු රටවල පවා ජීවන වියදම ඉහළ යමින් පවතින අතර එළඹෙන ශීත සෘතුව හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවකට ලක් වී සිටිනවා. සැබැවින්ම මෙම වකවානුව තුළ ඔවුන්ට මෙරටදී යුරෝපානු රටවල් වලට වඩා අඩු පිරිවැයක් සහිතව ඔවුන්ගේ ශීත සෘතුව ගත කළ හැකි බවත්, ඒ සඳහා මෙරටට පැමිණෙන ලෙසත් සංචාරකයින්ට ආරාධනා කර සිටිනවා.

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya