පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වෛද්‍යවරුන් 25 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

    ඔක්තෝබර් 28, 2022

    දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුළින් රෝග සුව කිරීමට සුවිශේෂී දක්ෂතා දක්වන සුදුසුකම්ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 25 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) මහරගම, නාවින්නේ පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේදී සිදු කෙරිණ.

    ගම්පහ, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හී පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් අයදුම්පත් කැඳවීමෙන් අනතුරුව ලිඛිත සහ වාචික පර්යේෂණ මගින් සුදුසුකම් සපුරන ලද සර්වාංග, කැඩුම් බිඳුම්, අක්ෂි, ගෙඩි වන පිළිකා, චර්ම රෝග යන කාණ්ඩ යටතේ මෙම පාරම්පරික වෛද්‍යවරුන් සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීම සිදු විය.

    එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිනි සාගාලා අබේවික්‍රම, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් චන්දන තිලකරත්න, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ එච්.ටී.ඩබ්. චතුරංග, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී පී.ඩබ්.ඩබ්.දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya