පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය (අමාත්‍ය) හමුවෙයි

    ඔක්තෝබර් 28, 2022

    පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මහත්මිය,පිලිපීනයේ සංක්‍රමණික කම්කරු දෙපාර්තමේන්තුවේ ලේකම් (අමාත්‍ය) සූසන් වී. ඕප්ල් මහත්මිය හමුවූවා ය.

    දෙරටෙහි අත්දැකීම් සහ හොඳම භාවිතයන් හුවමාරු කරගැනීම සහ ශ්‍රම බලකායේ නිපුණතා ඉහළ නැංවීම සහ ප්‍රතිනිර්මාණය කිරීම ඇතුළුව සහයෝගීතාව සඳහා අනුගමනය කළ හැකි මාර්ග ගවේෂණය කිරීම අරමුණු කරගනිමින් ඔවුහු දෙපළ මෙහිදී සාකච්ඡා පැවැත්වූ හ.

    සංක්‍රමණික සේවක කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අනුප්‍රාප්තික උප ලේකම් නීතිඥ පැට්‍රීෂියා ඉවෝන් කෞනාන් මහත්මිය, පිලිපීන විදේශ රැකියා නියෝජිතායතනයේ පරිපාලක බර්නාඩ් පී. ඔලාලියා මහතා සහ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්/ චාන්සරි ප්‍රධානී පී.ජී. පී. කෞෂල්‍යා මහත්මිය යනාදීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya