පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    චීනයෙන් ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 13000ක යූරියා පොහොර තොගය ගොඩබෑම ඇරඹේ

    ඔක්තෝබර් 28, 2022

    චීන රජයෙන් මෙරටට ගෙන්වන ලද මෙට්‍රික් ටොන් 13000ක යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම, වනජීවි හාවනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (28) එක්විය.

    2022/2023 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය මෙම පළමු යූරියා පොහොර තොගය පසුගියදා කොළඹ වරායට පැමිණ තිබේ.

    ලෝක බැංකුව මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ණය වශයෙන් ලබා ද දීඇත.මෙම ණය මුදල යටතේ මෙවර මහ කන්නයේ දී වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවේ නියෝජිත පිරිස නිරන්තර අධීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබාදී ඇති අතර මෙම යුරියා පොහොර මිල දී ගැනීමේ දී කිසිදු අක්‍රමිකතාවයක් සිදු ව නොමැත.

    මෙම පළමු යුරියා පොහොර තොගය මඩකලපුව හා අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පළමු, දෙවන හා තෙවන පොහොර යෙදීමසඳහා සම්පූර්ණ අවශ්‍යතාවයම එක්වර ලබා ගැනිමට හැකි වන පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ.

    මාස් කන්නයේ වී වගාව තවමත් රට පුරා ආරම්භ වී නැතත් වී වපුරා දින 14ක් තුළ යෙදිය යුතු පළමු යුරියා පොහොර යෙදුම සඳහා අවශ්‍ය යුරියා පොහොරප්‍රමාණයන් මේ වනවිටත් දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යැවීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවනනෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා-

    යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 105ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් මම රජය වෙනුවෙන් ලෝක බැංකුවට කෘතඥතාවය පළකරනවා. ඒ වගේම ලෝක බැංකූව පොහොර මිල දී ගැනීමේ කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් පුසම්පාදන කටයුතු විනිවිදභාවයෙන් යුක්තවපවත්වාගෙන යාමට අපිට නිරන්තරයෙන් සහයෝගය දුන්නා.

    අද අපි මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලට අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 7500ම අපි ලබා දෙනවා. ඒ වගේමඅනෙකුත් දිස්ත්‍රික්කවලටත් අපි මේ වනවිටත් පළමු මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැර අවසන් කර තිබෙනවා. ඒ වගේම ලබන මාසේ අවසන්සතිය වනවිට ගොවීන්ට අවහ්‍ය යුරියා හා බණ්ඩි පොහොර යන පොහොර වර්ග දෙකම අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම ලබා දීමට අවශ්‍ය සියලු පියවර ගෙනතිබෙනවා.

    පසුගිය යළ කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් කිව්වා. ඒ නිසා මම අද මාධ්‍ය ඉදිරියේ ම බර කිරාබැලූවා. අපි අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබුනා.

    ගොවි නියෝජිතයින් කියා ගන්නා සමහර පිරිස් ගොවි ජනතාව අකර්මණ්‍ය කිරීමේ අත්සාහයක නිරතව සිටිනවා. අපි රජය වශයෙන් ගොවි ජනතාවට තවත්සහන විශාල ප්‍රමාණයක් ඉදිරියේ දී ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල ඉහළ ගියත් මෙවරත් අපි පොහොරමිටියක් රුපියල් 10,000ක මුදලට ලබා දෙනවා.

    ඒ නිසා අපි රජය වශයෙන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවර මහ කන්නයේ වගාව සඳහා බය නැතිව වගා කරන්න කියළා අපි ඉල්ලා සිටිනවා යැයි දඅමාත්‍යවරයා සඳහන් කළේය.
    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya