පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ජපානයෙන් බිලියන 1.76 ක වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක්

    ඔක්තෝබර් 29, 2022

    ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරයක් ලෙස රුපියල් බිලියන 1.76 ක්(ජපාන යෙන් මිලියන 800ක්) වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් (27) මෙරටට ප්‍රදානය කෙරිණි.

    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි ( Mizukoshi Hideaki )මහතා විසින් ශ්‍රී ලංකා ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත මෙම පරිත්‍යාගයන් ලබා දුන්නේය.

    මෙම වෛද්‍ය උපකරණ අතර සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක්, angiography යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ.

    මෙම බහු පරාමිති මොනිටර් 09 එක ස්ථානයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන අයුරින් එකිනෙකට ජාල ගත කර ඇති බැවින් එක් අයකුට වුවද මේ යන්ත්‍ර 09 නිරීක්ෂණය කිරීම කළ හැක. මෙම මොනිටර් යන්ත්‍ර මගින් රෝගියාගේ ඉතාමත් වැදගත් ජීව දත්ත ලෙස ECG ,හදවතේ රිද්මය,ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය , ශරීර උෂ්ණත්වය ,රුධිර පීඩනය ,හදවතේ ක්‍රියාකාරීත්වය වැනි දේ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

     

    ජපන් රජයට හැමදාමත් ස්තුතිවන්ත වෙනවා අසීරුම අවස්ථාවන් වලදී සෑම විටම අපිත් සමග අත්වැල් බැඳගෙන සිටීම පිළීබඳව.ජපන් මිත්‍රත්වය අපට අලූත් දෙයක් නොවෙයි. 70 වසරකට අධික සම්බන්ධතාවයක් අපිට තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ කාලයේ ලොව විශාලතම රෝහලක් අප රටට ලැබුණා. ජපානයේ පොත් පත් වල පවා ශ්‍රී ලංකාව ගැන ලියවෙනවා.ඒ තරම් දැඩි සම්බන්ධතාවයක් දෙරට අතර එදා සිට අද දක්වාම පවතිනවා. ඒ වගේම රූපවාහිනී ඩිජිටල්කරණ වැඩසටහන පවා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ජපන් ආධාර වැඩසටහන යටතේ ය. පෙර නො වූ විරූ අත්දැකීමකට මුහුණදෙන මේ කාලයේ ජපානය ලබා දෙන ආධාර වලට ජපන් රජයට හා ජපන් ජනතාවට බොහොමත් ස්තූතිවන්ත වෙනවා.

    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා,

    ශ්‍රී ලංකාවට අපහසු අවස්ථාවලදී ජපානය ආධාර කර තිබෙනවා. දිගු ඉතිහාසයක් තිබෙනවා දෙරටේ මිත්‍රත්වයට. ජයවර්ධනපුර රෝහල වැනි විශාල පරිත්‍යාගයන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට කර තිබෙනවා. සීටී ස්කෑන් යන්ත්‍රයක් ,එම්. ආර් .අයි. ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු අනෙකුත් උපකරණ මේ අවස්ථාවේදී පරිත්‍යාග කිරීමත් එහි තවත් සලකුණක්. අපි සතුටු වෙනවා මෙම රෝහලේ කොටස්කරුවන් වීම පිළිබඳව.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික රෝහලේ අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමින්දි සමරකෝන්, ජපාන තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි පළමු ලේකම් Ohashi Kenji,දෙවන ලේකම් seiya Ninomiya යන මහත් මහත්මින් සහ විශේෂඥ වෛද්‍යවරු සහ තවත් වෛද්‍යවරු පිරිසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya