මැයි 21, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශකයක්

    ඔක්තෝබර් 30, 2022

    රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs) හදුන්වා දීමට නව ප්‍රතිපත්ති සම්පාදනය කෙරේ..

    රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට ප්‍රධාන කාර්ය දර්ශක (KPIs / Key Performance Indicators) හදුන්වා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (26) පැවති ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී තීරණය විය.

    රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සදහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සදහා මිනුම් දඩු සකස් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.

    මේ අනුව පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද මෙහිදී තීරණය විය.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

    රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන සහ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya