පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය උවදුර පැතිර යෑම වැළැක්වීමට සුපරික්ෂාකාරී කමිටු

    ඔක්තෝබර් 30, 2022

     මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් උපදෙස්...
     ගංවතුර පාලනයටත් විශේෂ වැඩපිළිවෙලක්...

    බස්නාහිර පළාතේ පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය පැතිරයාම වැලැක්වීම සඳහා දෙමාපියන්, ගුරුවරුන්, කලාප නිලධාරින් හා පොලිසිය එක්ව “සුපරික්ෂාකාරී කමිටු” කඩිනමින් පිහිටුවීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් කමිටුවේදී පොලීසියට (28) දින උපදෙස් දුන්නේය.

    එමෙන්ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් කටයුතු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහිව දැඩිව ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා පැවසීය.

    ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් සභා මහ ඇමැතිව සිටින කාල වකවානුවේදී බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් මෙවැනි කමිටු නිර්මාණය කර සාර්ථකව සිදු කළ වැඩසටහනකි.

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීම, කමිටු සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (28) රැස්විය.

    එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්ක වීමට වැඩි ඉඩකඩක් පවතින බැවින් පාසල් අවට නිරන්තරයෙන් වැටලීම් සිදු කරන ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කළයුතු බවයි. එමෙන්ම පසුගියදා ඇතිවූ වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් බිම් විශාල ප්‍රමාණයක් යට වූ අතර එය පාලනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලය හා වාරි මාර්ග දෙපාර්තුමේන්තු එක් කරගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහායද ඇතිව වැඩපිළිවෙලක් නිර්මාණය කරන ලෙසද ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතාට උපදෙස් දුන්නේය.

    ගංවතුරෙන් අවහිරවෙන ඇළ මාර්ග පවිත්‍ර කිරීමට ප්‍රතිපාදන ලැබෙනතුරු ඒ සදහා කෙටි කාලීන ව්‍යාපෘතියක් නිර්මාණය කර ලෙසත්, ඇළ මාර්ග කිහිපයක් පවිත්‍ර කිරීම සඳහා කෙටි කාලීන වැඩසටහන් යටතේ දිස්ත්‍රික් ලේකම්තුමාට ප්‍රතිපාදන ලැබී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජාරු ඇළ, කලුකොටුව ඇළ, කුන්ඩි ඇළ, කලුකොළ විලට සම්බන්ධිත ඇළ හා පල්ලේවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ඇළ මාර්ග කඩිනමින් ශුද්ධ පවිත්‍ර කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම ප්‍රදේශීය සම්බන්ධිකරණ කමිටු හා අධ්‍යාපන කමිටු සියල්ල කඩිනමින් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී විසින් දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්විතාන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, පළාත් පාළන ආයතන සභාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, ආරක්ෂක අංශ නිලධාරින්, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya