පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    මී මැසි පාලනය පිළිබඳ නවකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක්

    ඔක්තෝබර් 31, 2022

    මී මැසි පාලනය පිළිබඳ නවකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසුගිය දා රඹෑවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 112 කාටුපුලියන්කුලම තුලානේ දී පැවැත්විය.

    අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එච්.එල්. තේනුවර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

    රාජ්‍යෙ නොවන සංවිධාන පිළිබද ශුද්‍ර මුල්‍ය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එච්.එම්. අබේරත්න මහතා මෙම පුහුණු වැඩ සටහන සම්බන්ධිකරණය කර තිබුණි. මීට මුල්‍යමය දායකත්වට සපයන ලද්දේ රඹෑව ප්‍රජා ශක්ති සහභාගිත්ව සංවර්ධන පදනම විසිනි.

    ප්‍රදේශයේ ජනතාව වෙනු වෙන් මහගුසේවාවක් සිදු කරන රඹෑව ප්‍රජා ශක්ති සහභාගිත්ව සංවර්ධන පදනම මේ වන විට මෙවැනි ස්වයංරුකියා පුහුණු හා ස්වයංරුකියා සදහා යෙමු කිරිමේ වැඩ සටහන් රාශියක් සිදු කර ඇත.

    දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එච්.එල්. තේනුවර මහත්මිය පිරිස අමතමින් කියා සිටියේ මී මැසි පාලනය වඩා ලාබ දායි ස්වයං රුකියාවක් බවයි. වසන්ත කාලයේ දි මී පැණි අස්වැන්න ලබා ගැනිමට හැකි බවත් එතෙක් මී මැසි ජනපදය නඩත්තුවට දායක විය යුතු බව කියා සිටියාය. ගොවිතැන් කටයුතු වැනි කටයුත්තක් නොවන හෙයින් සජිවි ජිවින් පිරිසක් සමග සිදු කරන ක්‍රියා වක් බැවින් වඩා සැලකිලිමත්ව කටයුතු කිරිම සුදුසු බව තේනුවර මහත්මිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

    සම්පත් දායකත්වය සැපයු තලාව කෘෂිකර්ම උපදේශක ටී.ඩබ්.ඩී.අයි.එස්. වර්ණසුරිය මහතා ප්‍රකාශ කළේ, නිරතුරු සහය මෙවැනි වැඩ සටහන් සදහා ලබා දෙන බවයි. වර්ණසුරිය පැමිණි පිරිස සදහා ප්‍රායෝගිකව මී මැස්සන් මී මැසි පෙටිටියට දමා ගන්නේ ආකාරය විස්තර කළේ ය. ඒ සදහා භාවිතා කරන ක්‍රමවේදයන්, මැස්සන් හදුනා ගන්නා ආකාරය, නිවරදිව පෙට්ටියට දමා ගන්නා ආකාරය, මි මැස්සන් පෝෂණය කරන අයුරු වැනි මි මැසි පාලනයේ දි නැගෙන ප්‍රායෝගික ගැටළු රැසකට වර්ණසුරිය මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

    මී මැසි පාලනය සදහා අවශ්‍ය පෙට්ටි නිශ්පාදනය කරනේ නෙලුබෑව එච්.එ. අමරසිරි මහතා විසිනි. උතුරු මැද පළාතේ මී මැසි පාලනය සඳහා අවශ්‍ය පෙට්ටි සැදිම සදහා සුදුසු කම් ලැබු එකම පුද්ගලයා අමරසිරි මහතා වෙයි. රඹෑවැව ප්‍රෙද්ශිය ලේකම් කොට්ඨාශයේ 112 කාටුපුලියන්කුලම තුලානේ ප්‍රතිලාභින් 36 දෙනෙකු සදහා නිවරදිව මී මැසි පාලනය කරන පුහුණු කිරිමට එක්වී තිබුණි.

    මේ සදහා රඹෑව ප්‍රජා ශක්ති සහභාගිත්ව සංවර්ධන පදනමේ සියළුම නිලධාරින් මේ සදහා සහභාගි වුහ.

    DMU- Anuradhapura

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya