පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපති ධූරයට

    ඔක්තෝබර් 31, 2022

     පරිසර අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ (Global Green Growth Institute) සමුළුවෙහි හා කවුන්සිලයෙහි උප සභාපති ධූරයට පත් කෙරේ.

    පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11වන සමුළුවේ දී ශ්‍රී ලංකාව ඉහත තනතුරට පත් කර ගන්නා ලදී.

     මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරණු ලබන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාය.


    ගෝලීය හරිත වර්ධන ආයතනයෙහි සමුළුව හා කවුන්සිලය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත වේ. මේ අනුව උප සභාපති තනතුරු සඳහා ශ්‍රී ලංකාව සමඟ දකුණු කොරියාව පත් වී ඇත.

    ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජිකයන් 44 කින් සමන්විත අන්තර්ජාතික සංවිධානයක් වන අතර සාමාජික රටවල කාබන් හීන හරිත සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ ධාරිතා වර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය හා හරිත මූල්‍යකරණයේ පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කරයි.


    දැනට ශ්‍රී ලංකාව මෙම ආයතනය සමඟ දේශගුණ විපර්යාස, විදුලි ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya