උතුරු මැද පළාත් තැපැල් කාර්යමණ්ඩල ඇගයීමේ උත්සවයට අනුරාධපුරයේ දී එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
ඔක්තෝබර් 09 වන දිනට යෙදී තිබූ ලෝක තැපැල් දිනයට සමගාමීව මෙම උළෙල සංවිධානය කර තිබුණි. තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ක්‍රියාකාරකම් වල සාර්ථකව නිරත වූවන් ඇඟයීම මෙහි දී සිදු විය.
එම අවස්ථාවේ අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;
දැන් රටට විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය වැඩිවීමේ ප්‍රවණතාවත්, අපනයන වර්ධනයත්,ආදිය හේතුවෙන් ආර්ථිකය වර්ධනය වෙමින් පවතී.මෙලෙස රට ක්‍රමයෙන් ධනාත්මක තත්ත්වයට පැමීණීම ඇතැම් අයට අවාසි බවත්,ඒ නිසාම එම කණ්ඩායම් කොළඹ වටලන්නට, ජනාධිපතිතුමා පලවා හරින්නට උත්සහා දරන්නට ඉඩ ඇති බවත් , එසේ සිදු කරන්නේ රටට ආදරයට නොව මීට පෙර ජනතාවට ඇති වූ පිඩනය නැවත ඇති කිරීමට බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
එවැනි පටු අරමුණු වලින් සිදුවන්නේ රටෙහි ආර්ථිකය නැවත පහළට යාමයි. ජනතාවට පීඩනයක් ඇතිකර ඒ පීඩනය මතින් කුඩා කුඩා කණ්ඩායම් තමන්ට බලයට පත්වීමට හැකි යැයි සිතයි. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් රට මුදවා ගැනීමට සියලුදෙනා මනා දැනුමකින් කටයුතු කළ යුතුව තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙරට සමස්ත බදු ආදායමෙන් 86% වැය කරනු ලබන්නේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ අනුව සමෘද්ධි , විවිධ යටිතල පහසුකම්, අධ්‍යාපනය , සෞඛ්‍ය ආදී සියල්ලට වැයකිරීමට සිදුව ඇත්තේ ඉතිරි සියයට 14 % ක්. මෙවැනි තත්ත්වයක කුමන රජයක් බලයට පත් වුව ද රටෙහි පුනරාවර්තන වියදම් අඩු කිරීම ඉතා අපහසුයි. අද රටෙහි රුපියල් සියයක් ඉපයුව හොත් වියදම රුපියල් 240 කි. පවතින සැබෑ අර්බුදය මෙය බවත් , යුද්ධය පැවැති කාලයටත් වඩා මෙය දරුණු තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පැවැසී ය.
මෙම ආර්ථික අර්බුදය අප රටට පමණක් විශේෂව බලපා ඇති එකක් නොවේ. ලෝකයේ බොහෝ බලවත් රටවල් පවා මෙම ආර්ථික අර්බුදයෙන් පීඩා විදිමින් සිටී. ජීවන විදයම් අධික වීම නිසා ප්‍රංශ ජනතා වීදි බැසීම , ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකිව බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වීම ඊට හොදම උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි. කොවිඩ් අර්බුදය මෙන්ම ලෝකයේ පවතින යුදමය වාතාවරණයන් මෙම ආර්ථික ගැටළුවලට සෘජුවම හේතු වී තිබේ. එම අර්බුදය අපේ රටට කලින්ම පැමිණිමට හේතු වුයේ , ඉන්ධන , ඖෂධ , ගෑස් ආදිය ආනයනයට පැවැති ඩොලර් සියල්ලම කොවිඩ් උවදුර පාලනයට අවශ්‍ය ඔක්ෂිජන් , පීසීආර් උපකරණ , එන්නත් ආදිය ආනයනය කිරීමට සිදු වූ නිසා බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
හිටපු ජනාධිපතිවරයා ඇතුළු රජය මේ සියල්ල සිදුකලේ , මෙරටට ජනතාවගේ ජීවිත බේරා ගැනීම උදෙසායි. මෙම තත්ත්වය ඇතැම් අය තේරුම් ගත්තේ වැරදි ආකාරයට යි. එම නිසා ජනතාවට ආර්ථිකමය වශයෙන් පැමිණි පීඩනය මතින් විවිධ මත දරන අය යටි අරමුණු ඔස්සේ වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් 74 කගේ නිවාස ගිනිබත් කළා , ප්‍රාදේශිය සභා , නගර සභා වලට නියෝජිතයින්ගේ ඇතුළු නිවාස 815 ක් ගිනි තබා , තවත් පොදු දේපල රාශියක් විනාශ කළේ ය.
විවිධ කණ්ඩාම් මෙයින් සිදුකළේ , බොරදියේ මාළු බෑමක්. අවසානයේ රට වෙනස් වුණා. ජනාධිපතිතුමා , අගමැතිතුමා ඉවත් වුණා. රට භාරගන්නට කිසිවකුත් නොමැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අභියෝගය භාරගත්තා. අපි එයට උදව් කළා. ඒ තීරණය නිසාම දැන් රට ක්‍රමයෙන් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයකට පත්වෙමින් තිබීම සතුටට කරුණක්. එම නිසා මේ රටේ යම් යම් අඩුපාඩු කවුරුන් හෝ අතින් සිදු වී තිබේ නම් ඒවා නිවැරදි කරගනිමින් ඉදිරියට යාමට සියලුදෙනාම ධනාත්මකව සිතා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද රාජ්‍ය අමාත්‍යවරයා උතුරු මැද පළාත් තැපැල් කාර්ය මණ්ඩලය අමතමින් අවධාරණය කළේ ය.
උතුරු මැද පළාත් තැපැල් කාර්යමණ්ඩලය ඇමතූ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ , තැපෑල යනු රටේ බදු ගෙවන ජනතාවට බරක් විදිහට පවත්වගෙන යන ආයතනයක් බවයි. තැපැල් දෙපාර්තමේන්තුවට 2021 වසරේ දී රුපියල් බිලියන 9 ක ආදායම් ඉලක්කයක් ලබා දි තිබුණත් , උපයාගත හැකි වූයේ රුපියල් බිලියන 7 ක් පමණයි.තැපැල් දෙපාර්තමේන්තුවට රජයෙන් ලබාදුන් මුදල රුපියල් බිලියන 14ක් වුවත් , දෙපාර්තමේන්තුව උපයාගෙන ඇත්තේ බිලියන 7 ක් පමණයි. වෙන් වූ බිලියන 14න් බිලියන 12 .8 ක්ම වැයකරන්නේ.දෙපාර්තමේන්තුවේ ආදායම් ඉහළ නන්වා ගැනීම සඳහා සියලුදෙනාම කැප වී ක්‍රියාකල යුතුයි. කොපමණ වෙහෙස වී වැඩ කලත් , ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ කුමන කාර්යයන්ට යන්න අවබෝධ කරගනිමින් තම යුතුකම ඉටුකිරිමට නිලධාරීන් වගබලා ගත යුතුයි යැයි පැවසීය.
මෙම අඟයීම් උළෙල සඳහා නියෝජ්‍ය තැපැල්පති ( මෙහෙයුම් ) රාජිත කේ. රණසිංහ , නියෝජ්‍ය තැපැල්පති ( සංවර්ධන ) තුසිත හුලංගමුව , උතුරුමැද පලාත් නියෝජ්‍ය තැපැල්පති එච්.එම්.පී. හේරත් , යන මහත්වරුන් ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු මැද පලාත් නිලධාරීන් මෙන්ම තැපැල් කාර්ය මණ්ඩලයේ පිරිස සහභාගී වී සිටියහ.