පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ පාසල් පොකුරු නිර්මාණය කරනවා - අධ්‍යාපන අමාත්‍ය

    ඔක්තෝබර් 31, 2022

    සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (28) කොළඹ පැවති උත්සවයකට එක්වෙමිණි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ කලාප කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ලබන ජනවාරි වන විට එවැනි පාසල් පොකුරු 1200ක් පමණ දීපව්‍යාප්ත මට්ටමින් හඳුනාගත හැකි ව පවතින බව හෙතෙම සඳහන් කරයි.

    මේ පාසල් පොකුරක් තුළ පවතින පාසල් අතර අන්තර් කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ භෞතික හා මානව සම්පත් හුවමාරුවක් හරහා සිසු අවශ්‍යතා ඉටු කර ගැනීමේ පිරිමැසුම්දායක කාර්යක්ෂ්ම යාන්ත්‍රණයක් සැකසෙන බව ද අමාත්‍යවරයා පැවසී ය. මෙහි දී පාසල් හෝ සම්පත්වල මාරුවීමක් හෝ බෙදා වෙන්කිරීමක් සිදු නොවන බවත් භෞතික මෙන් ම තාක්ෂණික ක්‍රමවේද හරහා හුවමාරුවක් පමණක් සිදු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    සෑම සිසුවකු ම අත්නොහැරී අවධානයට ලක් වන අතර හුදකලා පාසල් ඉදිරියේ දී ඉතිරි නොවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය (NERC) හා පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන (PERC) මගින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මේ ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාවට නංවනු ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ජාතික පාසල් හා වෙනත් පාසල් ද මේ පාසල් පොකුරක ප්‍රමුඛ පාසල් (Lead School) බවට පත් වීමට ඉඩ තිබෙන අතර මේ පාසල් පොකුරු සංකල්පය හරහා ඉදිරියේ දී අපට දැකිය හැකි වන්නේ ප්‍රාථමික පාසල්, කණිෂ්ඨ ද්විතීයක පාසල්, ජ්‍යේෂ්ඨ ද්විතීයක පාසල් යනුවෙන් පොදු විධිමත් පාසල් වර්ගීකරණයක් බවත් මෙමගින් පාසල් පද්ධතියේ ප්‍රමිතිය හා නිර්ණායක ඇතුළත් පාසල් පැතිකඩ සංකල්පය විධිමත් ව සංවර්ධනය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya