පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි

    ඔක්තෝබර් 31, 2022

     

    පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

    විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව  අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම සිදු විය.

    පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදින විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

    දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබුණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමිවිය.

    ඒ අනුව විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya