පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක්

    ඔක්තෝබර් 31, 2022

    ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියගේ  ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ඒ සදහා පත් කර ඇති බවද , එම කමිටුව උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරන බවද ප්‍රකාශ කළේ , ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීමේ අරමුණෙන් අධිකරණ අමාත්‍යංශය , යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටුවා ඇති ජංගම සේවයට අද (31) එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,  උතුරු පළාතේ ජනතාවට පවතින ගැටලු විසඳීම සඳහා රජය ප්‍රමුඛත්වය දී කටයුතු කර ඇති බවත් මෙම වසරේ ජනවාරි  හා ජුනී මාසවල ජංගම සේවා දෙකක් පැවැත්වීමට කටයුතු කර  ඇති බවත් පැවසීය.

    උතුරු පළාතේ ජනතාවට ඉඩම් සම්බන්ධව පවතින ගැටලු විසඳීම සදහා විශේෂ සමථ මණ්ඩල ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති අතර, යුද්ධයෙන් හානි වු පුද්ගලයින් හා දේපළ වෙනුවෙන් වන්දි ලබාදීමට හානි පුර්ණය සදහා වු කාර්යාලයත්, අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධව පැමිණිලි විමර්ශනය සදහා අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලයත් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

    එසේම අතුරුදහන්වුවන් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි පිළිබඳ  විමර්ශන සිදු කිරීම කඩිනම් කර ඇති අතර එම කාර්යාලය සදහා පත් කර ඇති නව නිලධාරීන්  ආරම්භ කර තිබෙන විශේෂ වැඩපිළිවෙළ හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී  අදාළ විමර්ශන අවසන් කිරීමට හැකිවන බව ද අධිකරණ අමාත්‍යත්‍යවරයා  පැවසීය.

    යුද්ධයෙන් හා වෙනත් විපත්වලින් හානි සිදු වු පුද්ගලයින් කිහිප දෙනෙකු වෙනුවෙන්  වන්දි ලබාදීම ද අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මීට සමගාමීව  සිදු කෙරිණී.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය,    අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී මහත්මිය , හානි පූර්ණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එල්.එම්.හසීම් මහතා,යාපනය දිස්ත්‍රික් ලේකම් කේ.මහේෂන් මහතා , ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya