පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 26 වන ගුණ සමරුව අද

    නොවැම්බර් 01, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දිවංගත වී අදර (නොවැ. 01) වසර 26 ක් සම්පූර්ණ වේ.

    හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබා ලංකාවේ 6 වන අගමැතිවරයා බවට පත් විය.


    ඒ වන විට පැවති ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කර 1978 පෙබරවාරි 04 වෙනි දින සිට පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයා බවට පත්වී 1988 දක්වා රට පාලනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ජනතාවට සෙත සැලසීය.


    1988 වසරේ දේශපාලනයෙන් සදහටම සමුගත් ජයවර්ධන මහතා තමා සතු බොහෝ පෞද්ගලික දේපළ රට වෙනුවෙන් පරිත්‍යාග කළ දුර්ලභ ගණයේ දේශපාලකයෙක් විය. වසර හතක නිදහස් විශ්‍රාමික ජීවිතයක් ගත කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වී මෙයට වසර 26 කට පෙර හෙවත් 1996 නොවැම්බර් 01 වෙනි දින ජීවිතයෙන් සමුගත්තේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya